එළවළු මල්ලේන් ගෙවත්ත් අරඹන්න ,එළවළු 10ක් හදමුද?

  



ආධුනිකයෙක් විදිහට ගෙවත්තක් ආරම්භ කරන්න කිසිම අපහසුතාවයන් නෑ. ඔයාට කිසිම වියදමක් නැතුව ඔයාට නිවසට ගෙනඑන  එළවළු මල්ලෙන් පුළුවන් පොඩි ගෙවත්තක් ආරම්භ කරන්න.

බලමු මොනවද ඒ කියලා.


🌱කංකුං

කංකුන් මිටිය අරගෙන ඒකෙ තියෙන මේරෑ කොටස සිටවා ගන්න, දවස් විස්සක් විතර යනකොට හොඳ ඵලදාවක් ලබා ගන්න.

🌱අමුමිරිස්

වියළි මිරිස් කරල් අරගෙන ඇට ටික ඉවත් කරලා තවන් කරලා පැල හදාගන්න.

🌱තක්කාලි

හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියක ඇට ටික ඉවත් කරලා වේලෙන්නට හැර  තවාන් කරලා පැල හදාගන්න.

🌱කැරට්

කැරට් ගෙඩියෙ උඩ කොටසේ අඟලක් විතර ඉතුරු කරලා ඔයාට පුළුවන් පැළ කරගෙන කොළ ටිකක් ආහාරයට එකතු කර ගන්න

🌱මුගුණුවැන්න

මේරූ දඬු ටික සිටවා  පැළ ටිකක් බෝකර ගන්න ඒකෙන් ඔයාට කාබනිකව ඔයාගේ ගෙවත්තෙම පැල ටිකක් හදාගන්න පුළුවන්

🌱කොල ගෝවා

කොල ගෝවා  දලු කොටස ඉතුරු කරලා සිටවා ගන්න එයින් නැවත ඔයාට කොළ ලබා ගන්න පුළුවන්

🌱සුදු ලූනු

සුදුලූණු බිකි කිහිපයක් සිටවා ගැනීම තුළින් කොළ ලබා ගන්න පුළුවන්

🌱නයි මිරිස්

හොඳින් ඉදුණු නයි මිරිස් ඇට ඉවත් කරලා වේලෙන්නට නොදී තවන් කරගන්න එමගින් හොඳ නීරෝගීමත් පැළ ලබා ගන්න පුළුවන්

🌱මිංචි /ගොටුකොළ

මේරූ දඬු සිටවා ගැනීම තුළින්  නැවත පැළ ලබා ගන්න.

🌱අබ

අබ ටිකක් ඉහගත් තමා ඔයාට පුලුවන් අබ කොළ ටිකක් ඔයාගේ පලා වර්ග වලට එකතු කරගන්න

#sandavlog

Harb garden 
My photograph 

kandy
Sanda garden path sl
Vegetables harvest from garden


Comments