dining table එක හැඩ කරගන්න මම මේ නිර්මාණය කරගත්තා මේ සඳහා මම පාවිච්චි කරේ සෝස් බෝතල් සෝස් බෝතල් හොඳින් හෝදලා අරගෙන ඒකට මම යටි ඉවත ලන ලී කැබැල්ලක බෝතල් ටික අලවා ගත්තා. මේ සඳහා glue gun එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සෙ මම ගෝනි කැබැල්ලක් අරගෙන ඉදිරියට අලවා ඒකට ලස්සන රේන්දයක් අලවා නිර්මාණය කරගත්තා. මම කැමති නැවුම් පැල පාවිච්චි කරන්නන් ඉතින් ඒ නිසා මම පැල ටිකක් භාවිතා කලා, මේ සඳහා මම පාවිච්චි කරලා තියෙන පැළ වර්ග පළවෙනියටම බැසිල් අත්තක් යොදා ගත්තා ඒ වගේම දෙවනියට තියෙන්නෙ එයාර් ප්ලාන්ට් එකක් තුන්වෙනියට තියෙන්නෙ මේක ලස්සනට හදන අතු වර්ගයක්..
|
මේ තියෙන්නෙ ඉවත් කරන සෝස් බෝතලයක් හොඳින් පිරිසිදු කරලා ගෝනි කැබැල්ලක දෙපැත්තෙ නූල් ටික ඉවත් කර ගත්තා ඊට පස්සේ බෝතලයට තියලා අලව ගත්තා. අලවගෙන වටේට rebon එකකුත් අලවා ගත්තා මේක මම නිර්මාණය කරගත්තේ බාත්රූම් එකේ තියාගන්න ඉතින් මම මේකට නැවුම් කොළයක් දාලා තියෙනවා ඔයාට එක එක දවස් වලට විවිධත්වයෙන් යුතු කොළ ,මල් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් ,හැමදාම නැවුම් මල් ටිකක් පේන්න තියෙන තියෙනකොට මටනම් හිතට හරිම සහනයක් දැනෙනවා. |
මේ තියෙන්නෙ මගේ ගෙදර සැලුන් එක නිවසේ ඔයාට පොඩි සැලූන් එකක් හදාගන්න පුළුවන් ස්වභාවික දේවල් වලින් ඔයාට ඔයාගේ රූපලාවන්‍ය කටයුතු කරගන්න පුලුවන්නේ, මේ සඳහා මම ගෙදරින් ඉවත් කරන ජෑම් බෝතල් වගේම විවිධ බෝතල් වර්ග පාවිච්චි කරනවා ඒකට මම පහසුවෙන් හඳුනා ගැනීම සඳහා රෙදි වලින් මූඩිය ආවරණයක් යොදා ගෙන තියෙනවා.මේක හදාගන්න විදිහ වෙනත් පෝස්ට් එකෙන් කියල දෙන්නම්
|
මෙය නිර්මාණය කර ගත්තෙ වීදුරු බෝතලයකින් වීදුරු බෝතලයකට මම අලවලා තියෙනවා පබලු වැලක්, මෙය මම පාවිච්චි කරන්නේ ටීවී රූම් එකේ තියාගන්න මේකෙන් හරිම අලංකාරයක් ගෙන දුන්නත් ඊ රූම් එකට🤩 |
මේ තියෙන්නේ මම අලුත් අවුරුද්දට 2021 වෙනුවෙන් නිර්මාණය කරගත්ත බෝතල් නිර්මාණය මේ සඳහා මම බෝතල් යොදා ගත්තා ඒ වගේම මේක මම හැදුවේ මගේ යූටියුබ් එකේ අවුරුදු තිළිණයක් විදිහට
ලින්ක් එක දාන්නම් සාදගන්නා ආකරය බලාගන්න පුළුවන් .
https://youtu.be/6ZzhgNBW2RQ
ඔබේ නිවසේත් ඉවත ලන බෝතල් ඕන තරම් ඇති ජෑම් බෝතල් සෝස් බෝතල් ඒ වගේම විවිධ බීම වර්ග බෝතල් ඇති මේ සඳහා ඔයාට පාවිච්චි කරන්න පුළුවන්,
වීදුරු බෝතල් ,ප්ලාස්ටික් බෝතල් වලින් වුණත් ඔයාට මේක කරන්න පුළුවන් මේ විදියට කරගන්න පුළුවන් නිර්මාණ කිහිපයක් ගැන මම අද පෙන්නන්න හිතුවා.මේ මම කරගත්ත නිර්මාණ කිහිපයක් මේ නිර්මාණවලින් මම මගේ නිවෙස හැඩ කරගත්තා මේවා බාත්රූම් එකකට ඒ වගේම ඔයාගේ dining table එකට ඒ වගේම ශීතකරණය උඩ තියන්න වගේම ඔයාට ඔයාගේ ගෙදර විවිධ ස්ථාන හැඩ කරගන්න මේ විදියට බෝතල් පාවිච්චි කර ගන්න පුලුවන් ඉතින් මේ බෝතල් ඔයාලගේ ගෙදර ලස්සන කරගන්න පාවිච්චි කරන්න.මම වැඩියෙන් කැමති පැළ වර්ග හදන්න මම පැළ වර්ග හදන්න බෝතල් පාවිච්චි කරනවා ඒකෙන් මගේ ගේ ඇතුලෙ තියෙන විෂ වායු නැති කර ගන්නත් හැකියාව තියෙනවා.
මේවා කිසිම අපහසුතාවයකින් තොරව කරගන්න පුළුවන් වගේම වියදමත් ඉතාම අඩුයි වැඩි වියදම් කරලා කරන දේවල් වලට වැඩිය ඔයාට පහසුවෙන් මේ වගේ දේවල් කරගන්න පුළුවන් නං ඉතාම වටිනවා නේ ඉතිං මෙන්න අදහස් කීපයක් බලන්න ඔයාලා හදපු දේවල් තියෙනවා නම් මටත් කමෙන්ට් එකක් දාන්න රට සුභ දවසක්🌻
❄️❄️❄️❄️
Sanda vlog
Comments